BREAKING NEWSEXCLUSIVE

සමාජ ජාලවල කොරෝනා බොරු පතුරුවන්නන්ට නීතිය තදින් – පොලිසිය ක‍්‍රියාත්මකයි

සමාජ ජාල ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන බව ශ්‍රී ලංකා පොලිසිය දන්වයි.

කොරෝනා වෛරස් ආසාදනය ගැන සමාජ ජාලාවල පළවන පුවත් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය මේ බව සඳහන් කර ඇත.

දැනට මෙරට තුළින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ එක් පුද්ගලයකු පමණක් බවත් ඔහු ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් නිවේදනයේ දැක්වේ.

ඔහුගේ පවුලේ කිසිවකුට වෛරසය ආසාදනය වී නැතැයිද පවුලේ සාමාජිකයන් නිරෝදායනය කරමින් ඇති බවද නිවේදනයේ තවදුරටත් සදහන්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button