BREAKING NEWSEXCLUSIVE

බයික් ත්‍රීවිල් වැනි කුඩා වාහන අනාරක්ෂිතයි – පොලිසිය කියයි..

ගතවූ පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් සිදුවූ මරණ 9ක් වාර්තා වී තිබෙනවා.
පොලීසිය පවසන්නේ එම මරණවලින් 7ක්ම යතුරුපැදිවලින් ගමන් ගත් පුද්ගලයින් වන අතර අනෙක් දෙදෙනා ත්‍රීරෝද රථවලින් ගමන් කළ පුද්ගලයින් වන බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කුඩා වාහනවලින් ගමන් කරන පිරිස් වැඩි වශයෙන් රිය අනතුරුවලට ලක්වීමේ තත්ත්වයක් දැකගත හැකි බවය.

දිනකට 40ක් වැනි පිරිසක් රිය අනතුරුවලින් තුවාල ලබන බවද ඔහු පවසා සිටියා.ඒ අනුව කුඩා වාහනවලින් ගමන් කරන පිරිස් වඩාත් ආරක්ෂාකාරීව මාර්ගවල ගමන් කළයුතු බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button