CRICKETSPORTS

වර්ෂාව පාකිස්තානයේ ක්‍රිකට් සිහිනය උදුරා ගනියි

කලකට පසු පාකිස්තානයට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් මිහිර ගෙන එමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින තරගය එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකර අතහැර දැමුනා.

කරච්චිහිදී පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ජාත්‍යනතර ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළේ නොකඩවා ඇද හැලුනු වර්ෂාව හේතුවෙනි.

වර්ෂාව හේතුවෙන් කරච්චි නැශනල් ක්‍රීඩාංගණයේ තරගයක් අතහැර දැමුණු පළමු අවස්ථාව ලෙස සටහන් වීම විශේෂත්වයකි.

මෙම තරගය වෙනුවෙන් පාකිස්තානය දැඩි ආරක්ෂාවක් ක්‍රියාත්මක කළ අතර කරච්චි ක්‍රීඩාංගණය වටා කිලෝමීටර තුනක පමණ ප්‍රදේශයක් ආරක්‍ෂක කළාපයක් ලෙස වෙන්කර තිබුණි.

ක්‍රීඩාංගණය වටා එම කළාපය තුළ ආරක්‍ෂක නිලධාරීන් 3000 කට අධික පිරිසක් ස්ථානගත කර තිබූ අතර එම කළාපයේ ආරම්භයේ සිට මීටර 500 ක් දක්වා වාහන ධාවනය අත්හිටුවා තිබීමද විශේෂත්වයකි.

දෙවැනි එක්දින තරගය ලබන ඉරිදා (29 වැනිදා) කරච්චිහී නැශනල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button