
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වුනා.
ජාත්‍යන්තර කාන්තා විස්සයි20 පිටියේ ක්‍රීඩිකාවක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඇලිසා හීලි මීට ස්වල්ප මොහොතකට පෙර සමත්වූනා.
ඇය පන්දු 61කදී නොදැවී ලකුණු 148ක් රැස්කරමින් මෙම වාර්තාව පිහිටුවීමට සමත්වූවාය. හතරේ පහර 19ක් හා හයේ පහර 07ක් ඇයගේ ඉනිමට ඇතුළත් වූවාය.
මෙහිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 2ට ලකුණු 226ක් වාර්තා කිරීමට සමත්වූනා.
ශ්‍රී ලංකාවට පන්දු වාර විස්ස අවසානයේ රැස් කර ගත හැකි වූයේ ලකුණු 94ක් පමණි. පෙර තරගයේ ශතකයක් රැස් කළ චමරි අතපත්තුට අද දින රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 30ක් පමණි.