BREAKING NEWSEXCLUSIVE
හෙට ලංගම බස්රථ සාමාන්‍ය පරිදි

සියලුම ලංගම බස් රථ හෙට(06) දිනයේ දී සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කරයි.සියලු වෘත්තීය සමිති සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව සභාපතිවරයා පැවසීය.ඒ අනුව හෙට දිනයේ ධාවනය කෙරෙන ලංගම බස් රථ සඳහා අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසට ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීමක් ද කර ඇත.ඒ අනුව සාමාන්‍ය පරිදි හෙට දිනයේ බස් රථ 5200ක් ධාවනයට එක්කෙරේ.එසේම දුරගමන් සේවා බස් රථ 1500කට ආසන්න ප්‍රමාණයක් ඇති බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා වැඩිදුරටත් පැවසීය.