BREAKING NEWSPOLITICS

ලක්‍ෂ 20ක් වූ ටෙලිකොම් සභාපතිගේ නව වැටුප ලක්‍ෂ දෙකහමාරයි – රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්ගේ වැටුප විශාල ලෙස පහත දැමේ

රජය යටතේ පවතින සියලූ ආයතන සභාපතිවරුන් වෙනුවෙන් නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

මෙතෙක් එම ධුරවලට ගෙවූ ඉහළ වැටුප් ප්‍රමාණය මෙම නව ක්‍රමය නිසා විශාල වශයෙන් පහත යනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

මෙම ආයතන සඳහා පුද්ගලයන් පත්කිරීම මෙතෙක් කලක් දේශපාලන හිතවත්කම් මත සිදු වූ අතර එලෙස පත් වූ ඇතැමුන්ට ඉහල වැටුප් සහ දීමනා හිමිවිය.

එම ඉහල වැටුප් ලැබූ ආයතන ප්‍රධානීන්ගේ වැටුප් පවා පහළ දැමීමට ජනාධිපතිවරයා විසින් දැනටමත් පියවර ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සභාපතිවරයාගේ වැටුප රුපියල් ලක්ෂ 20 සිට රුපියල් ලක්ෂ දෙකහමාර දක්වා පහත හෙලා තිබේ.

එමෙන්ම රජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමට තීරණය කර ඇත්තේ සුදුසුකම් සහිත පුද්ගලයන් පමණකි.

එම සුදුසුකම් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් ද පත්කර ඇති අතර කමිටුවේ නිර්දේශ මත දැනට ආයතන කිහිපයක පමණක් ප්‍රධානීන් පත්කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button