GOSSIP NEWSVIRAL NEWS

සංධාන, මෛත්‍රීට තනතුරු කිසිවක් නෑ – ඡන්දයට මහින්දගේ පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන්ම එයි!

එළඹෙන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සිය පක්ෂයේ නමින්ම, එම ලකුණින්ම තරග කරන බව මැතිවරණ කොමිසමට දන්වා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දරනා අතර, නීතිඥ සාගර කාරියවසම් එහි ලේකම් තනතුර දරයි. බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජාතික සංවිධායක වන අතර, පක්ෂයේ සභාපතිධූරය දරන්නේ මහාචාර්ය ජී.එල් පීරිස් විසිනි.

මේ අනුව මින්පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සෑදු ශ්‍රී ලංකා පොදුජන සංධානයෙන් පොහොට්ටුව මැතිවරණයට තරග නොකිරීමට තිබේ. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතීත්වය දරන්නේ එම මැතිවරණයට තරග නොකරන සංධානයේය.

මැතිවරණයට තරග කරනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔහුට කිසිඳු තනතුරක් නොමැති අතර, පොළොන්නරු දිස්ත්‍රීක් නායකත්වය පවා දරන්නේ පොහොට්ටු හිටපු මන්ත්‍රී රොෂාන් රණසිංහ විසිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා සැකසීමේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් අවස්තාව ලබා දීමට එකග වී තිබෙන බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button