BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSVIRAL NEWSWEST

ගුවනේ යා හැකි හයිබ්‍රිඩ් මෝටර් රථයක් ස්ලෝවැකියාවෙන්..

ගුවනේ යා හැකි කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් ස්ලෝවැකියාවේ දී සාර්ථකව එහි පළමු ගමන නිමකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම රථය නිට්‍රා සහ බ්‍රැටිස්ලාවා ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් අතර වන කිලෝමීටර් 96ක දුර ප්‍රමාණය විනාඩි 35ක කාලයකින් ගුවනින් ගොස් තිබු බවයි.

එම ගුවනේ යා හැකි හයිබ්‍රිඩ් රථය “එයා කාර්” ලෙස හඳුන්වා ඇති අතර එහි එන්ජිම බී එම් ඩබ්ලිව් වර්ගයේ වන අතර එය පනගැන්වීම සදහා පෙට්‍රල් ඉන්ධනය භාවිත කරයි.

එහි නිර්මාතෘ මහාචාර්ය ස්ටෙෆාන් ක්ලේයින් පැවසුවේ එම ගුවන් මෝටර් රථයට කිලෝ මීටර් 1,000ක් පමණ දුරක් මීටර් 2,500ක් පමණ ඉහළින් එකවර ගමන් කළ හැකි බවයි. මෝටර් රථය ගුවන් යානයක් ලෙස වෙනස් වීමට විනාඩි 2යි තත්පර 15 ගතවන බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button