BREAKING NEWSEXCLUSIVE

රජයේ ගණකාධිකාරී පොඩ්ඩෝ තැන තැන රස්තියාදුවේ – පරිපාලන පොඩ්ඩන්ට රජ සැප: ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දෙබිඩි පුහුණුව

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය සඳහා පසුගිය ජූනි මස සිට බඳවා ගන්නා ලද රජයේ ගණකාධිකාරී වරුන් සඳහා පවතින කොවිඩ් තත්වය නිසා යයි පවසමින් ඉතා කෙටි ඔන්ලයින් පුහුණුවෙන් පසු ඔවුන් ප්‍රායෝගික පුහුණුව සඳහා යයි පවසමින් රටපුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කර ඇත.

කිසිඳු නිශ්චිත අරමුණකින් තොරව ඔවුන් මේ වන විට මාස 1 ක් පමණ මෙලෙස ප්‍රායෝගික පුහුණුව සඳහා යයි පවසමින් අනුයුක්ත කර ඇති බවත්, එහෙත් පසුගිය අගෝස්තු දෙවන දින (02) බඳවා ගනනා ලද පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා නවාතැන් පහසුකම්, කෑම බීම යනාදී සියළු පහසුකම් ලබා දී සේවාස්ථ පුහුණුවක් ලබා දීමට කටයුතු කර ඇති බවත් පැවසේ.

මෙලෙස කිසිඳු සැලසුමකින් තොරව තැන තැන රට පුරා කාර්යාල වලට අනුයුක්ත කිරීම හේතුවෙන් මේ වන විටද නවක ගණකාධිකාරී වරුන් 15 – 20 ක් පමණ සංඛ්‍යාවක් කොවිඩ් වෛරසයට ගොදුරු වී හෝ පළමු පෙළ ආශ්‍රිතයන් බවට පත් වී ඇත. ඔවුන්ගේ ජීවිත ද මෙලෙස අනතුරේ හෙලන අතරම, පරිපාලන සේවය සඳහා අළුතින් බඳවා ගන්නා ලද නිලධාරීන්ට වෙනදා ලබා නොදුන් නවාතැන්, කෑම බීම පහසුකම් පව ලබාදී පුහුණු කිරීම් සිදු කරන අතරම ගණකාධිකාරී වරුන් සඳහා මීට පෙර ලබා දුන් සේවාරම්භක පුහුණුව ද කිසිඳු අධ්‍යයනයකින් තොරව කපා හැර ඇති බව පැවසේ.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මෙම පක්ෂග්‍රාහී සහ වෘත්තිමය නොවන සැලකීම මීට පෙර අවස්ථා ගණනාවකදී ද ගැටළු ඇති කිරීමට හේතු වී ඇත. තවද ගණකාධිකාරී විෂය පිළිබඳව දැනුමක් නොමැතිව එම විෂය සඳහා නිසි වෘත්තීය සුදුසුකමක් ලබා දීමට සුදුසුකම් ද නොමැති ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පුහුණු කටයුතු ගණකාධිකාරි සේවයේ සේවා අවශ්‍යතාවයන් සම්පූර්ණ නොකරන බවද පෙන්වා දිය යුතුය.

කෙසේ වෙතත්, වර්තමානයේ පවතින තත්වය පිළිබඳ නවක නිලධාරින්ගේ දැඩි කනස්සල්ල පලවෙමින් පවතියි. රාජ්‍ය සේවයේ සේවය සඳහා එළඹීමටත් මත්තෙන්ම මෙවැනි පක්ෂග්‍රාහී සහ අකාරුණික කම් වලට ලක්වීමට සිදු වීම පිළිබඳව නවක ගණකාධිකාරී වරුන් දැඩි කලකිරීමට හේතු වී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button