ශ්රීලනිපය දෙකඩ වේ, දුමින්ද ඇතුලු හයක් එජාපයට, නිමල් සිරිපාල ඇතුලු 11ක් පොහොට්ටුවට.!

ඉදිරි ජනපතිවරණය සම්බන්ධයෙන් ශ්රීලනිපය ලබා ගන්නා තීරණය අද දින නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.
එම තීරණය ලබා ගැනීමේ අයිතිය ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා දී තිබෙන බව සදහන්. මේ අනුව ජනපතිවරයාගේ තීරණය අවසන් තීරණය වනු ඇති.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ඊයේ දින රැස්වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ කිසිවකුත් විරෝධය දක්වා නැත.
එම මධ්‍යම කාරක සභා හමුවට සාමාජිකයන් 36 දෙනකු සහභාගි වී ඇති අතර ඔවුන් කිසිවකු ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අදහස් පළ කර නැත.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනපතිවරණය සම්බන්ධයෙන් ශ්රීලනිපය දෙකඩ වීමේ ඉඩක් පවතින බවයි. මේ අනුව ශ්රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කළහොත් දුමින්ද දිසානායක ඇතුලු මන්ත්‍රීවරුන් හයක් එක්සත් ජාතික පක්ෂයට එක්වනු ඇති බව වාර්තා වෙනවා.
ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුලු මන්ත්‍රීවරුන් 11ක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට නියමිත බවත් වාර්තා වේ.