ශ්‍රීලනිප සහය ගෝඨාභයට – ශ්‍රීලනිප සහයෙන් ගෝඨා 50% ඉක්මවයි

ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරිමට තිරණය කර තිබේ.
ඊයේ රාත්‍රීයේ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදි මෙම තීරණය ගෙන තිබේ. අද දින එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයත් සමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම තීරණය ගත් බව පෙන්වාදුන් නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂය විකුණා වැඩකළ නොහැකි බැවින් ජනතාවගේ පැත්තෙන් ජනතා හිතවාදී තීරණයක් ගත්බවයි.
එසේම කොන්දේසි කිහිපයක් යටතේ අදාළ සහයෝගය ලබා දෙන්නට කටයුතු කර ඇති බවත් ඉදිරි මහ මැතිවරණයේදි පුටුව ලකුණෙන් තරග කරන්නට කටයුතු කරන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ සඳහා නමක් ද යෝජනා කර ඇති බවය. එය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බවත් ඔහු ප්‍රකාශ කළා.
මේ අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද 44%ක ප්‍රතිශතයට අද දින තවත් 12%ක ප්‍රතිශතයක් එක්වූ බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 44%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා.