BREAKING NEWSPOLITICS
ශ්‍රීලනිප අවසන් තීරණය තවත් කල්යයි – අද රාත්‍රියේත් සාකච්ඡාවක්

එලඹෙන ජනපතිවරණය උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා දෙන අපේක්ෂකයා සහ කණ්ඩායම පිළිබඳ අවසන් තීරණය හෙට (09) දිනයේදි ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පවසනවා.
අද (08) රාත්රියේදී ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ජාවකින් පසු ශ්‍රිලනිපය අවසන් තීරණය ගන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
හෙට දිනයේදී පවත්වන මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පක්ෂයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට නියමිත බවත් මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළා.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙලෙසට සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ අතර ඔවුන්ගේ අවසන් තීරණය ප්‍රකාශ කිරීම දිනෙන් දින ප්‍රමාද වීම විශේෂත්වයක්.