GOSSIP NEWSVIRAL NEWS

පොහොට්ටුවෙන් වෙන්ව තරග කිරීමට ශ්‍රීලනිපය සුදානම් වේ

මහ මැතිවරණයේදී පොහොට්ටුව සමඟ සන්ධාන ගත නොවී වෙන්ව තරග කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සාකච්ඡාවක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් එල්ල වන දැඩි විවේචන හේතුවෙන් තවදුරටත් එම පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ශ‍්‍රීලනිප පිරිසකගේ පිරිසගේ අදහස වී ඇත.

මේ සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුන ඇතුලත පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීන්දුවක් සාකච්ඡා කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් දැනට ශ‍්‍රීලනිප ඉහල පෙලේ බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ මොන යම් තත්ත්වයක් මත වුවද පොහොට්ටුව සමග සන්ධානගතව තරග කළ යුතු බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උකුසු ප්‍රකාශය නිසා දෙපාර්ශ්වය අතර මතගැටුම් උත්සන්න විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button