GOSSIP NEWSVIRAL NEWS

ක්‍රිකට් ක්‍රීඩකයන් බසයේ සූරියවැව යද්දි ක්‍රිකට් ආයතනයේ පරිපාලකයන් ගුවන් යානයකින් සූරියවැව ගිහින්!

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර ඊයේ (27) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය සඳහා තරගයට සහභාගි වීමට ශ්‍රී ලංකා සහ කොදෙව් ක්‍රීඩකයන් බස් රථවලින් සූරියවැව දක්වා ගමන් කරද්දී, තරගය නැරඹීම වෙනුවෙන් ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාගේ අණින් ක්‍රිකට් බලධාරීන් 50කට ආසන්න සංඛ්‍යාවක් ගුවන් යානයක් වෙන්කරගනිමින් එහි ගොස් තිබෙනවා.

ඒ අනුව ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ලබා දිය යුතු පහසුකම් ක්‍රිකට් බලධාරීන් විසින් භුක්ති විඳීම මෙරට ක්‍රිකට් පරිපාලනය පිරිහී තිබෙනා තරම පෙන්වන නිදර්ශනයකි.

මෙරට ක්‍රිකට් බලධාරීන් තමන් විසින්ම අනුමත කරනා ඉහළ වැටුප් හා වරප්‍රසාද විඳිනා පිරිසක් වන අතර ඔවුන් විසින් සිදු කළ විවිධ වංචා පසුගියදා කෝප් කමිටුවේදීත් හෙළිවූවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button