ARTICLESBREAKING NEWSCRICKETEXCLUSIVENEWSPAPER COLUMNSSPORTS

අපේක්ෂා රෝහලට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් ලක්ෂ 05ක්

මහරගම අපේක්ෂා රෝහලට ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක පරිත්‍යාගයක් ජනාධිපතිවරයා වෙත භාර දී තිබෙනවා.

ඒ, පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ ගණනාවක හිඟයක් පවතින බවට හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයේ ප්‍රතිඵලයක් වශයෙන්.

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ වර්ග 60කට වැඩි ගණනක හිඟයක් පවතින බව හිරු ප්‍රවෘත්ති මුල්වරට පසුගිය 11 වැනිදා රට හමුවේ අනාවරණ කළා.

රජයේ රෝහල් ගණනාවක අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍ය උපකරණවල හිඟයක් පවතින බව ද හෙළිවුණේ එවන් පසුබිමකයි.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපති මාධ්‍ය අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණේ හැකි සහයෝගයක් ලබාදෙන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ආසියානු ශූරතාවලිය නිමා වූ වහාම අවශ්‍ය කටයුතු සලසා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඈෂ්ලි ද සිල්වා සඳහන් කර තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ලබා දීම සඳහා අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක පරිත්‍යාගයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button