BREAKING NEWSCRICKETEXCLUSIVESPORTS

ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයග්‍රහණයක්

සංචාරක දකූණු අප්‍රිකානු කණ්ඩාම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වුණ තරගයෙන් අති විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ, ලකුණු 125ට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියල්ලන්ම දවා ගනිමින් තරග තුනට දෙකක් ලෙසයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 203ක් රැස් කිරීමට සමත්වුණා.

එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට චරිත් අසලංකගේ ලකුණු 47ක් ඇතුළත් වුණා.

සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ තමන් යොමුකළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට අද තරගයේදී සමත් වුණා.

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වන ජී. මාලන් දවා ගනිමින්.

කෙසේ වෙතත් මෙම දක්ෂතාව මීට පෙර ශ්‍රී ලංකා පන්දු යවන්නන් තිදෙනෙකු විසින්ම පෙන්වා තිබුණා.

  • චරිත බුද්ධික – 2001 – සිම්බාබ්වේට එරෙහිව
  • කෞෂල්‍ය ලොකුආරච්චි – 2002 – කෙන්යාවට එරෙහිව
  • තිලාන් තුෂාර – 2007 – කොදෙව්වන්ට එරෙහිවයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button