CRICKETSPORTS

“කණ්ඩායමට එන්න අවුරුදු දහයක් බලන් හිටියා” භානුකගේ මල් වෙඩි වැස්සෙන් ලංකාවට ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර අතර පැවැති දෙවන විස්සයි විස්ස තරගයෙන් යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 35ක ජයක් ලැබූවා.

මේ අනුව ඉතිහාසයේ පළමු වරට පාකිස්තානයට එරෙහිව විස්සයි විස්ස ශූරතාවක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් සමත් විය.

ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම පරාජය කර දැමූ ශ‍්‍රී ලංකාව ඉතිහාසයේ දිනා ගත් 16 වැනි විස්සයි විස්ස තරගාවලි ජය වශයෙන්ද මෙය සටහන් වේ. එමෙන්ම 2018 වසරට පසුව විස්සයි විස්ස තරගාවලි ජයක් දිනා ගත් පළමු වතාව ලෙසින් මෙය සටහන් වේ.

ජ්‍යෙෂ්ඨයන් නොමැතිව වෙනදාටත් වඩා දක්ෂ ලෙස සටන්කාමී ක‍්‍රීඩා විලාශයක නිරත වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයා වු භානුක රාජපක්ෂ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

භානුක රාජපක්ෂ ඉතා විශිෂ්ඨ පිතිකරණයක නිරත වෙමින් දැවැන්ත හයේ පහර හයකින් සහ හතරේ පහර හතරකින් අර්ධ ශතකයක් වාර්තා කළේය.

ෂෙහාන් ජයසූරිය සහ භානුක රාජපක්ෂ තෙවැනි කඩුල්ලට පන්දු 72 කදී ලකුණු 94 ක සබඳතාවක් පිහිටුවමින් පාකිස්තානයට එරෙහිව ඕනෑම කණ්ඩායමක් විස්සයි විස්ස තරගයකදී තෙවැනි කඩුල්ලේ ඉහළම වාර්තාව සටහන් කළේය.

සිය පන්දුවාර විස්ස තුලදී ශ්‍රී ලංකාව ලකුණු 182ක් ලබා ගත් අතර ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තානය පන්දුවාර 19ක් තුල ලකුණු 147කට දැවී ගියා.

සුපිරි ජයග‍්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කළ භානුක රාජපක්ෂ කියා සිටියේ තමන් මෙම අවස්තාව හිමිවන තුරු වසර දහයක් බලා සිටි බවයි.

“මට ජාත්‍යන්තර වරම් ලබා ගන්න වසර 10ක් බලන් ඉන්න වුණා. පාසල් අවදියේ සිට මට මේ තත්ත්වයට එන්න ගොඩක් කට්ටිය උදව් කළා. මට විශ්වාසයක් තිබුණා කොයි වෙලාවෙ හරි අවස්ථාවක් ලැබෙයි කියලා. මට ලැබිච්ච අවස්ථාවෙන් මම ප්‍රයෝජන ගත්තා කියලා මම හිතනවා. මම විශේෂයක් කළේ නෑ. මගේ සුදුරුදු රිද්මයෙන් තමයි පන්දුවට පහර දුන්නේ.දෙවන පෙළ කණ්ඩායමක් විදිහට තමයි අපිව සැළකුවේ. ජාත්‍යන්තරයෙත් තත්ත්වය එසේම වුණා. නමුත් මම හිතනවා අපි ලංකාවටත් කණ්ඩායමටත් ගෞරවයක් වන සේ ක්‍රීඩා කළා කියලා.”

ශි‍්‍ර ලංකා – පාකිස්තාන 3 වන සහ අවසන් පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණයේදී හෙට (09) පැවැත්වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button