BREAKING NEWSEXCLUSIVE

“පැහැර ගැනීම බොරුවක් – මවුබිමේ අභිමානය ආරක්ෂා කර ගත යුතුයි” – ශ්‍රී ලංකා පොලීසිය

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගත්තේ යැයි චෝදනා එල්ල වන චෝදනා අසත්‍ය බව හෙළිවෙමින් පවතිනවා යැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් පැහැර ගැනීම සිදුවූ වේලාව යැයි දැනුම් දුන් වේලාව වන සවස 04.30-06.00 අතර කාලයේදී ඔවුන් පැවසූ කිසිදු ස්ථානයක එවන් සිදුවීමක්ද සිදු වූ බවට තොරතුරක් නැති බව දත්ත විශ්ලේෂණයෙන් තහවුරු වී ඇතැයිද ඔහු පැවසීය.

මේ බව කොළඹ ස්විට්සර්ලන්ත තානාපතිවරයාට දැනුම්දුන් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.

ඒ හේතුවෙන් වින්දිත තැනැත්තියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම ඉතාම අවශ්‍ය වන බවද පවසන අජිත් රෝහණ මහතා එවන් සිදුවීමක් සිදුවීම් සිදු වී නැත්නම් ශ්‍රී ලංකාවේ ගෞරවය සහ නීතියේ ගෞරවය වෙනුවෙන් සත්‍ය තොරතුරු පැහැදිලිව හෙළිකර ගත යුතුව ඇතැයි ද සදහන් කරයි.

අදාල තැනැත්තියට තානාපති මුක්තිය හිමි නොවන බවත් විදේශීය ජාතික කාන්තාවක්ද නොවන බවත් එනිසා ඇයද ශ්‍රී ලංකාවේ නීතියට වගවිය යුතු බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button