
සාග් ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා කබඩි පිරිමි පිළ සාග් ක්‍රීඩා උළෙලක අවසන් මහා තරගයක් සඳහා අද සුදුසුකම් ලබා ගත්තා. ඒ, අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය 35 ට 20 ක් ලෙස පරාජය කරමින්.
ඒ අනුව පිරිමි කබඞ් ඉසව්වේ රන් පදක්කම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හෙට තරග වැදීමට නියමිතව තිබෙනවා. ඉන්දියාව යනු ලෝක කබඩි ශ්‍රේණිගත කිරීම්හි අංක 1 පසුවන ප්‍රබල කණ්ඩායමකි. දැනට පැවති කබඩි ලෝක කුසලාන තුනම ජයග්‍රහණය කර ඇත්තේ ඉන්දියාව විසිනි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදි කබඩි ශ්‍රේණීගත කිරීම්හි අංක තුනේ පසු වූ පාකිස්තානය පරාජය කර ප්‍රබල ස්ථානයක සිටීම විශේෂත්වයකි.