BREAKING NEWSEXCLUSIVE
මෙරටින් හමුවූ කොරොනා අසාධිත චීන කාන්තාව රට පුරා සංචාරය කරලා – ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීම් ?

නව කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙකු පළමු වතාවට ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබේ.
වයස අවුරුදු හතළිස් දෙකක් වූ චීනයේ වූහන් ප්‍රාන්තයේ සිට පැමිණි චීන ජාතික කාන්තාවකට මෙම වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
එම රෝගියාට මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර කටයුතු කරමින් සිටින අතර රෝගය පැතිරීම වැළැක්වීම සඳහා සියලු කටයුතු ගනිමින් පවතී.
කෙසේ නමුත් වාර්තා වන්නේ එලෙසට කොරොන වෛරසය ආසාධනය වූ අදාල කාන්තාව පසුගිය සමයේ රට පුරා ප්‍රදේශ ගණනාවක සංචාරය කර ඇති බවයි.
එම කාන්තාව පසුගිය දිනවල ආශ්‍රය කළ පුද්ගලයන් සහ එලෙසට සංචාරය කල ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අංශ විසින් අවධානය යොමු කර ඇත.