CRICKETSPORTS

ශ්‍රී ලංකා ද්විත්ව ශතක නියඟය නිමාවෙයි – මැතිවුස්ගේ විශිෂ්ඨ ඉනිමෙන් ශ්‍රී ලංකාවට වැඩි වාසී

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30 ක් රැස්කර ගෙන සිටියි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 10 ක් අතැතිව ශී‍්‍ර ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 127 ක් පිටුපසින් සිටියි.

ඊයේ දිනයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටවූයේ කඩුළු 9 ක් දැවී ලකුණු 515 ක් ලබා සිටියදීයි. ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් කී‍්‍රඩා කළ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ද්විත්ව ශතකයක් වාර්තා කළා.

පන්දු 468 කදි ගොඩ නැගුණු මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 16 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වුණා.

එම ඉනිම 2015දි කුමාර් සංගක්කාර ද්විත්ව ශතකයක් ලබා ගත් පසු වසර පහකින් වාර්තා වූ පළමු ශ්‍රී ලංකා ටෙස්ට් ද්විත්ව ශතකයයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 80 යි. ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 63 බැගින් රැස් කළා.

සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 358 ක් පමණයි. හරාරේහිදී පැවැත්වෙන මෙම තරගයේ අද (23) අවසන් දිනයයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button