BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

හමුදාව පැය 24 පුරාම එන්නත් කරන ක්‍රියාවලියේ, එන්නත් ගන්න රාත්‍රියේත් දහස් ගනන් පෝලිමේ..

බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී ඊයේ උදෑසන සිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ කෙරුනා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, ඒ අනුව  පෙ.ව. 8.30 සිට පැය 24 පුරාම කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකෙරෙන බවය.

එය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන අතර එලෙස පැය 24 පුරා එන්නත් ලබාදීම සිදුකෙරෙන්නේ මෙරට පළමු වරටය.

ඒ අනුව මේ වනවිට විහාර මහා දේවි උද්‍යානය අසල අතිවිශාල පිරිසක් එක්රැස්ව සිටි බව වාර්තා වනවා.

මේ අතර බස්නාහිර පළාතේ තවත් ස්ථාන රැසකදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඊයේ උදෑසන සිට ලබාදීමට කටයුතු කර තිබුනා.

මේ ඊයේ රාත්‍රී 11.33ට පමනත් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ඇස්ට්‍රොනිකා දෙවන මාත්‍රාව පැමින සිටි ජනතාව වෙත ලබාදීමට යුධ හමුදාව විසින් යුහුසුළුව කටයුතු කර තිබූ ආකාරයයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button