BREAKING NEWSEXCLUSIVE
“නිරෝධායනය සම්පූර්ණයෙන්ම නොමිලේ – අසත්‍ය පුවතක් සමාජජාලා මාධ්‍යයයේ” යුධ හමුදාවෙන් ප්‍රකාශයක්!

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණි පසු ඔවුන් නිරෝධායනය සඳහා මුදල් අය කරනවා යැයි සමාජජාලා මාධ්‍යයන්ගේ පැතිරෙන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසනවා.
මේ අනුව කිසියම් පිරිසක් විසින් සැකසූ ව්‍යාජ ලිපියක් මේ වනවිට සමාජජාලා වල හුවමාරු වෙමින් තිබෙනා අතර එම ලිපියේ දැක්වෙන්නේ නිරෝධායන කටයුතු සඳහා 7500/= ක මුදලක් අය කරන බවයි.
කෙසේ වෙතත් මෙම පුවත අසත්‍ය බව රජය මෙන්ම නිරෝධායන කටයුතු සිදු කරනා ශ්‍රී ලංකා යුධ හමුදාව පවසනවා. ඔවුන් ප්‍රකාශ කළේ සමාජජාලා වලට මුදා හැර තිබෙනා ලිපියද සංස්කරණය කළ අසත්‍ය ලිපියක් බවයි.