BREAKING NEWSEXCLUSIVE
සාමාන්‍ය ජනයා තෙල් පෝලිම්වල දවස් ගනන් ඉද්දි සජබය කොළඹට සෙනග අදින හැටි …

සමගි ජන බලවේගය සංවිධානය කරන විරෝධතාවක් අද (15) කොළඹදී පැවැත්වීමට නියමිතයි.ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම ආණ්ඩු විරෝධී දැවැන්ත විරෝධතාව සඳහා දිවයිනේ ප්‍රදේශ රැසකින් ලක්ෂයක ජනතාවක් අද (15 ) කොළඹට රැගෙන එන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මන්ත්‍රිවරයා සඳහන් කළා.
අද ආරම්භ කරන මෙම විරෝධතා ව්‍යාපාරය ඉදිරියේදී දිවයින පුරා තවත් නගර ආශ්‍රිතව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේවෙතත් ජනතාව එදිනෙදා අත්‍යාවශ්‍ය කටයුතු සදහාවත් ප්‍රමාණවත් ඉන්ධන නොලබා පෝලිම් වල රැදී සිටින අවස්ථාවක සමගි ජනබලවේගය දිවයින පුරා සියලු පලාත් වල සිට බස් මගින් ජනතාව කොලඹට ප්‍රවාහනයට ඉන්දන වැයකිරීම පිළබදව දැඩි දෝශාරෝපණයට ලක්වෙමින් තිබෙනවා