BREAKING NEWSEXCLUSIVEPOLITICS

සමගි ජන බලවේගය අද කොළඹට

ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජන බලවේගය සංවිධාන කර ඇති විරෝධතා ව්‍යාපාරය අද පස්වරු 2ට කොළඹ – විහාරමහාදේවි උද්‍යානය අසල දී පැවැත්වීමට නියමිතයි.

ඒ, එම පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

කෙසේ වෙතත්, මෙම විරෝධතා තහනම් කරන්නැයි ඉල්ලා පොලීසි කිහිපයක්ම අධිකරණවලින් නියෝග ඉල්ලා සිටි අතර, බොහෝ අධිකරණ එම ඉල්ලීම් ඊයේ ප්‍රතික්ෂේප කළ අතර, ඇතැම් අධිකරණ පොලිසිය කරනු ලැබූ ඉල්ලීම පිළිගෙන විරෝධතා පැවැත්වීම තහනම් කර තිබුණා.

කෙසේ වෙතත්, සැලසුම් කළ පරිදි එම විරෝධතාව පවත්වන බවයි සමඟි ජන බලවේගයේ දේශපාලන ආරංචි මාර්ග අරුණ වෙබ් අඩවිය සමඟ සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button