BREAKING NEWSEXCLUSIVE

සජබේ උද්ඝෝෂණය කොරෝනා ව්‍යාපෘත කිරීමට සංවිධානාත්මකව කරන පියවරක්ද සැකයක්

සමගි ජන බලවේගය එළඹෙන 16 වැනිදා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වීමට සූදානම් කර තිබූ සුහද හමුව සඳහා ලබා දී තිබූ අනුමැතිය සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව අවලංගු කළ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මුජිබර් අහුමාන් මහතා වෙත ලිපියක් මඟින් දන්වා තිබෙනවා.

ඊයේ (11) දින නිකුත් කළ ගැසට් නිවේදනය සැලකිල්ලට ගෙන කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා මෙම අවලංගු කිරීම කළ බව ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වනවා.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනතට සංශෝධන කිහිපයක් එකතුකරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්  කෙරුණා.

එම ගැසට් නිවේදනයට අනුව ඒකරාශීවීම්, එවැනි ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන්  නිසි බලධාරීයාගෙන් අවසර ලබාගත යුතු අතර එසේ අවසර ලබානොගෙන එවැනි ක්‍රියාකාරකම්වල නිරතවිය නොහැකි බව සඳහන්.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
“යම් යම් නීති අපට ගෙන්න වෙනවා බහුතර ජනතාවගේ රැකවරණය පිණිස. දැන් අපි දන්වා අර ගුරු උද්ඝෝෂණ තිබුණ වෙලාවේ, එකෙන් ඇති වුණ ප්‍රතිඵලයක් දන්නවා. අද අපි යම් කිසි පාලනයකට නතු කරලා මේක ඉතාමත්ම අවම ප්‍රමාණයේ මරණ සංඛ්‍යාව අවම ව්‍යාප්ත වීම කරන කොට 5,000ක් විතර ගෙනැල්ලා උද්ඝෝෂණ කරනකොට කවුද කියන්නේ මේ මාස්ක් එක ගලවලා ඔය කියල දෙවල් සිද්ධ වෙනවා ද? සිද්ධ වෙන්නේ නෑ. එහෙමනම් අපට අකමැත්තෙන් හරි කියන්න වෙනවා ඉතාමත්ම හිතාමතා කරලා ව්‍යාප්ත කරන්න සංවිධානාත්මකව කරන පියවරක්ද කියලා. එහෙමනම් අපි නීතියේ රැකවරණ ගන්න ඕනේ. එකයි අපි අරන් තියෙන්නේ”

කෙසේවෙතත් සමගි ජන බලවේගය සඳහන් කළේ, ආණ්ඩුව කුමන ගැසට් නිවේදන නිකුත් කළ ද කොළඹ දී එදින විරෝධතා රැළියක් පවත්වන බවය. 

එමෙන්ම ජනඒකරාශීවීම් සඳහා නිසි බලධාරියාගෙන් අවසර ගත යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඇතුළු පිරිසක් භාණ්ඩ මිලට එරෙහිව අද කොළඹ දී විරෝධතාවයක් පැවැත්වුවා.

මේ අතර රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය ද අද පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුමේදී උද්ඝෝෂණයක නිරත වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button