BREAKING NEWSEXCLUSIVEPOLITICS

මිනිස්සු ආවේ අනුරගෙ පම්පෝරි අහන්න නෙමෙයි. සෙනග පිරෙව්වට ඡන්ද වැටෙන්නෙ නෑ – සජබෙ

ජනතාව රැස් වූ පමණින් ඔවුන් සියලු දෙනා තම පාක්ෂිකයන් සැයි සිතීම මුළාවක් බවද සමගි ජන බලවේගය අවධාරණය කර සිටිනවා.

ඊයේ නුගේගොඩදී පැවති ජාතික ජන බලවේගයේ රැස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මේ බව සඳහන් කලා.

ආණ්ඩු විරෝධී ජනතාව විශාල ප්‍රමාණයක් ඊයේ රැළියට සහභාගි වූ නමුත් ඔවුන් සියලු දෙනා ජාතික ජන බලවේගයට ඡන්දය ලබා නොදෙන බවද තුෂාර ඉඳුනිල් ප්‍රකාශ කරනවා.

පක්ෂ භේදයකින් තොරව, නිල්-කොල-රතු භේදයකින් තොරව, ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන රැස්වීම් සඳහා ජනතාව සහභාගි වන බවත්, ඊයේ ජනතාව පැමිණියේ අනුර කුමාර දිසානායක මහතාගේ පම්පෝරි ඇසීමට නොවන බව ඔවුන් තේරුම් ගතයුතු බවත් ඉඳුනිල් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button