BREAKING NEWSEXCLUSIVE

දිවයින පුරා සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තත්වය

මෙතෙක් දිනක් පැවති සංචරණ සීමා අද (21) අලුයම 4.00ට ඉවත් කෙරුනා.

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග මාර්ග වල විශාල ප්‍රමාණයෙන් ‍රථ වාහන ගමන් කරනු දක්නට ඇති බවයි වාර්තා වන්නේ.

රාජකාරි සහ අත්‍යාවශ්‍ය සේවා සදහා පැමිණෙන්නන් වෙනුවෙන් බස්‍ රථ හා දුම්‍රිය ධාවනය ද ක්‍රියාත්මක අතර ඒවා ක්‍රියාත්මක වන්නේද පලාත් තුල පමණයි.

විශේෂයෙන්ම දින 30 කට ආසන්න කාලයක් හුදකලා වී තිබූ කොළඹ සහ ඒ අවට ප්‍රවාහන සේවා යලිත් ක්‍රියාත්මක වී ඇති ආකරය නිරීක්ශනය වන බව ද සදහන්.

අද දිනය පුරාවටත් පොලිස් මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක කරන බවත් නිරෝධායන රෙගුලාසි කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදුකරන බවත් පොලීසිය සඳහන් කරනවා.

කොළඹ නගරයට දෛනිකව රථවාහන ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් ඇතුළු වන බවත් එය මේ සංචාරක සීමා දිනය තුළදී හැට දහසකට ආසන්න සංඛ්‍යාවක් වූ බවත් සඳහන් කරන පොලීසිය පවසන්නේ අද දිනයේ සිට ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් කොළඹට ඇතුළු විය හැකි බවයි. තවද අත්‍යාවශ්‍ය සේවා සහ රාජකාරි සේවා සඳහා පමණක් කොළඹට ඇතුළුවන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම කොළබින් පිට පලාත් වල වෙළදසැල් පවා විවෘත කර ඇති ආකාරයක් ද නිරීක්ශනය වන බවයි වාර්තා වන්නේ..

කෙසේ වෙතත් තවමත් එක් නිවසකින් බැහැරව යා හැක්කේ දෙදෙනෙකුට පමණක් වන අතර පලාත් අතර පනවා ඇති සංචරණ සීමා තවමත් ක්‍රියාත්මකයි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button