BREAKING NEWSEXCLUSIVE
සිසු සැරිය බස් රථ අද සිට යළි ධාවනයට

අද සිට සිසු සැරිය බස් රථ සම්පූර්ණ ප්‍රමාණයම ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය විසින් දැනුම් දී තිබේ.මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සියලු ඩිපෝ කළමානාකරුවන් දැනුවත් කර ඇති බවයි.ලංගම බස් රථ ධාවනයට අවශ්‍ය ඉන්ධන තොග ඩිපෝ සතු බවද ඒ මහතා දැනුම් දෙයි.ඊට අමතරව ඩිපෝ හරහා පෞද්ගලික බස් රථවලට ඩීසල් ලබා දීමේ වැඩපිළිවෙල යටතේ පෞද්ගලික බස් රථ බොහොමයකට ඉන්ධන ලබා දීම සිදුකළ බවයි ඔහු වැඩිදුරටත් සදහන් කරයි.