BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනපතිවරණයට ශ්‍රීලනිපයේ සහය රැගෙන මෛත්‍රීපාල සජිත් හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද රාත්‍රීයේ සිදුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ඒ ඉදිරි ජනපතිවරණයේ ශ්‍රීලනිප සහය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මෙම සාකච්ඡාව පසුපස සිටින්නේ ජනපති සිරිසේන සහ ඇමති සජිත් දෙදෙනාගෙම ප්‍රබල මිතුරෙක් සහ දේශපාලනික හිතවතෙක් වන සිරස මාධ්‍යජාලයේ සභාපති කිලී මහාරාජා බවද වාර්තා වේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීම පරිදි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ කාරියවසම් විසින් පසුගියදා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරමින් ලිපියක් යොමු කරනු ලැබුවා.

එම ලිපිය තමන්ට ලැබුණු බව පසුගියදා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ද මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැමැත්ත පළකර ඇති අතර ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර මෙම හමුව සිදුවීමට නියමිතව තිබේ.

කිලී මහාරාජාගේ ඉල්ලීම මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරණයේදි සජිත් ප්‍රේමදාසට සහය ලබා දිය යුතු යැයි මතයක සිටිනා අතර එම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග වූ සාකච්ඡා හිතාමතාම කඩාකප්පල් කර දැමීමට ඔහු කටයුතු කළා. ඒ කිසිඳු අදාලත්වයක් නොමැති පක්ෂ ලකුණ මුල් කරගෙනයි. කෙසේ වෙතත් එම සාකච්ඡා කඩාකප්පල් කිරීමට ජනපති සිරිසේනට දැඩි අවශ්‍යතාවයක් තිබූ බවද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

එජාපය තුල සජිත් ප්‍රේමදාස බලයට ගෙන ඒමේ මෙහෙයුමක කලක පටන් කිලී මහාරාජා සිටිනා අතර ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස අතර දැඩි දේශපාලන හිතවත්කමක් ඇති කිරීමට කටයුතු කළා.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගේ සිට ජනපති සමාජජාලා මාධ්‍ය ප්‍රධානියා සිට මෛත්‍රිපාල සිරිසේන යටතේ සේවය කරන්නේ මහාරාජා මාධ්‍ය අංශයේ සේවකයන් වන අතර ආපදා අවස්තාවකදී භාවිතා කිරීමට සුරක්ෂිතව තිබූ මෙරට බිලියන ගණනක් වටිනා සංඛ්‍යාත කිලී මහාරාජාට ඉතාමත් අඩු මුදලකට විකුණා දැමූ සංඛ්‍යාත වංචාව සිදු කළේද ජනපති සිරිසේන විසින් වීම විශේෂත්වයකි.

එම නිසා ජනපති සිරිසේන ශ්‍රීලනිපයෙ සහය රැගෙන සජිත් ප්‍රේමදාස සමග එක්වීමේ විශාල ඉඩක් පවතිනා අතර එසේ වුවහොත් පාලිත රංගේ බණ්ඩාර, හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ සහය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට අහිමි වීමේ ඉඩක් පවතින බවද කියවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button