GOSSIP NEWSVIRAL NEWS

හිටපු ජනපති මෛත්‍රී කියූවා යැයි කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ

පසුගිය දින පැවැති එජාප මන්ත්‍රී කබීර් හෂීම්ගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීමට තමන් එහි ගිය අවස්ථාවේ ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් රැගත් වාහනය මගදී නැවැත්වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා යැයි පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.

එතැන් සිට තමන්ට පයින් යෑමට සිදුවූ බවද මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා සඳහන් කර ඇතැයිද එම වාර්තාවන්ගේ දැක්වේ.

කෙසේ වෙතත් එම වාර්තාවන් අසත්‍ය යැයි හිටපු ජනපතිවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරමින් සිටියි. එම නිවේදනයෙන් හිටපු ජනපතිවරයා සඳහන් කරන්නේ එම පුවත් වාර්තා අසත්‍ය බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button