නව රජයෙන් තීරණයක් – වසර 65කට පසු “සිංහලේ“ ජාතික කොඩිය නැවතත් නීතියෙන් පිළිගනී

සිංහලේ ජාතික කොඩිය වන රතු පැහැති පසුබිමේ සිංහයා සහිත ධජය නීතියෙන් පිළිගැනීමට නව රජය තීරණය කර තිබේ.
මේ අනුව ජාතික කොඩිය විකෘති කර ඇතැයි පවසමින් පසුගිය 2019 වසරේ පෙබරවාරි මාසයේදි කොළඹ නිදහස් චතුරශ්රයේදි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් “සිංහලේ“ කොඩි තොගයක් අද ඒවායේ හිමිකරුවන්ට භාර දී තිබෙනවා. ඒ කුරුදුවත්ත පොලිස් සථානයේදීයි.
වත්මන් ජාතික කොඩියේ දැක්වෙන කොල, තැඹිලි තීරු දෙක රහිත මෙම “සිංහලේ“ කොඩිය ජාතික කොඩිය විකෘති කරමින් සැකසූ ජාතිවාදී කොඩියක් බවට ඇතැම් රාජ්ය නොවන සංවිධාන හා එජාපයට, ජවිපෙට, දෙමළ සංධානයට හා මුස්ලිම් දේශපාලන පක්ෂයන්ට සම්බන්ධ දේශපාලකයන් විසින් පසුගිය සමයේ චෝදනා කල අතර එහි ප්රතිඵලයක් ලෙස එලෙස සැකසූ කොඩි තොගයක් අත්අඩංගුවට ගැණුනා.
කෙසේ වෙතත් ජාතික කොඩිය ලෙස නොව සිංහලේ කොඩිය ලෙස එය භාවිත කිරීම නීති විරෝධි නොවන බව ද පොලිසිය අද (15) පිළිගත් බව එම කොඩි තොගය භාර ගැනීමට පැමිණ සිටි ස්වර්ණ හංස පදනම ප්රකාශ කළා.