BREAKING NEWSEXCLUSIVE
වසර පනහකට පසුව සිංහරාජ ගම්මාන වලටත් නියඟය – පානිය ජලය බවුසර් වලින්

පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් සිංහරාජ වනාන්තරය ආශ්රිත පිහිටි රක්වාන නගරය ඇතුළු ඒ ආසන්න ගම්මානවල ජල මූලාශ්ර විශාල වශයෙන් සිඳී ගොස් තිබේ.
මේ හේතුවෙන් එහි වෙසෙන ජනතාවට පානීය ජලය බවුසර් මාර්ගයෙන් සැපයීමට කටයුතු කර ඇත.
ප්රදේශවාසීන් පවසන්නේ වසර මුළුල්ලේම සිසිල් කාලගුණ තත්ත්වයක් පවතින රක්වාන ප්රදේශයේ මෙවැනි කාලගුණයක් ඇති වූයේ වසර පනහකට පමණ පසුව බවයි.
වියළි කාලගුණය තවදුරටත් පැවතිය තත්වය තවත් බරපතල වනු ඇතැයි ප්රදේශවාසීන් කියා සිටිති.
සිංහරාජය ශ්රී ලංකාවේ විශාලතම වැසි වනාන්තරයයි.