BREAKING NEWSEXCLUSIVE

මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘති ගිවිසුමට අත්සන් තබයි

රටේ ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් වශයෙන් මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් වූ නුවරඑළිය නගර සංවර්ධනයට ඇතුළත් කේබල් කාර් ව්‍යාපෘතිය නිළ වශයෙන් ආරම්භ කිරීම පසුගිය දා සිදුවුණා.

නානුඔයේ සිට නුවරඑළිය දක්වා අදියර දෙකකින් කිලෝමීටර් 4ක් දුරට දිවෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සපයන්නේ ස්වීඩන විදේශ ආධාර ක්‍රමය යටතේයි.

ඉදිරි මාස 18 තුළ එහි ඉදිකිරීම් සමාප්ත කිරීමට හැකි වනු ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button