BREAKING NEWSEXCLUSIVE

ඉදිරියේදී තෙල් මිල අඩු වන ලකුණු

රුසියානු රජය විසින් ඉතා අඩු මිලට ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට බොරතෙල් ලබා දීමට තීරණය කර ඇත. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමේ සාකච්ඡා දැන් ආරම්භ වී ඇති බවයි.රුසියානු බොරතෙල් ලබාගැනීම සඳහා බටහිර රටවල් පනවා ඇති සම්බාධක ශී‍්‍ර ලංකාවට බලපාන්නේ නැති අතර මේවා එක්සත් ජාතීන්ගේ සංවිධාන නොවන නිසා රුසියාවෙන් තෙල් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිවේ.ඉන්දීය රජය ද රුසියාවෙන් තෙල් ලබා ගැනීමට තීරණය කර ඇති අතර රුසියාවේ මිත‍්‍රශීලී රටවල් ලෙස ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට මෙම බොරතෙල් සැපයෙන්නේ වෙළෙඳ පොළේ ඉහළ ගිය මිලට වඩා අඩුවෙනි. ශ්‍රී  ලංකාවට බොරතෙල් නෞකාවක් සැපයීමට රුසියාව එකඟවී ඇත.වසර ගණනකට පෙර ෂෙල් සමාගම ශ්‍රී  ලංකාවෙන් ඉවත්ව ගිය පසු මෙරටට තෙල් සැපයුවේ රුසියාවයි.

රුසියාවෙන් අඩු මිලට තෙල් සැපයීමෙන් මෙරට තෙල් මිල ද අඩුකිරීමට රජයට හැකිවනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button