BREAKING NEWSEXCLUSIVE

අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහල යන ලකුණු..

වරායේ සිර වී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් අද (07) සිට නිදහස් කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටිනවා.

ඒ සඳහා අවශ්‍ය ඩොලර් බැංකු වෙත වරින් වර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාව පළ කළ අතර මහ බැංකුව සමඟ එම කටයුතු සම්බන්ධීකරණය සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු යොමුකර ඇති බවද කී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් බැංකුවේ නිලධාරීන් සමඟ ඔහු ද සාකච්ඡා කළ බව කියා සිටියා.

අල ,ලූනු ,පරිප්පු ,මිරිස්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් විශාල ප්‍රමාණයක් ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ සිරවී ඇතැයි කී ඇමැතිවරයා ඒවා අද(07) සිට නිකුත් කිරීමත් සමඟ වෙළඳපොලේ භාණ්ඩ මිල ගණන් වල අඩුවීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවද තව දුරටත් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button