BREAKING NEWSEXCLUSIVE

සිබිල් වෙත්තසිංහ ගිනස් ලෝක වාර්තාවක් තබයි

ශ්‍රී ලංකාවේ ළමා කතන්දර කලාවේ පුරෝගාමී චරිතයක් වන ‘ආදරණීය සිබිල් නැන්දා’ හෙවත් සිබිල් වෙත්තසිංහ මහත්මියගේ නම ගිනස් ලෝක වාර්තා පොතට එක්වී තිබේ.

මේ කීර්තිමත් ගෞරවය ඇයට ලැබී ඇත්තේ පසුගිය වසරේ ලෝක ළමා දිනයට සමගාමීව එළිදැක්වුණු ‘පුදුම පළිඟුව’ නම් වූ ළමා ග්‍රන්ථය පාදක කොටගෙනය.

වෙත්තසිංහ මහත්මිය ‘පුදුම පළිඟුව’ ග්‍රන්ථය එළිදැක්වූවේ දිවයින පුරා වෙසෙන දරුවන් 20,000ක් පමණ තම නිර්මාණශීලී ග්‍රන්ථයට හවුල් කර ගනිමිනි.

ඒ අනුව ඇය විසින් රචනා කරන ලද කතාන්දරයන්ගේ අවසානය දරුවන් විසින් අවසන් කළ යුතු විය. ඒ සඳහා සිතුවම්, පද්‍ය හා රචනා ආදී මාධ්‍ය භාවිත කිරීමට නිදහස තිබිණි.

සිබිල් වෙත්තසිංහ මහත්මිය මේ ක්‍රමෝපාය උපයෝගී කරගත්තේ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව වර්ධනය කර ගැනීමේ අරමුණිනි.

ඒ අනුව ලොව වැඩිම දරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් අවසන් වුණු කතන්දර පොත ලෙස ‘පුදුම පළිඟුව’ ළමා ග්‍රන්ථය හා එහි කතුවරිය වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ නම ගිනස් පොතට ඇතුළත් වී තිබේ.

මෙරට පරම්පරා කිහිපයක දරුවන්ගේ ළමා කාලය සුන්දර කළ ආදරණීය සිබිල් නැන්දා මෙලෙසට ගිනස් ලෝක වාර්තාවක් පිහිටන විට ඇයගේ වයස අවුරුදු 90 පසුකොට සිටීම තවත් සුවිශේෂී කරුණකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button