BREAKING NEWSEXCLUSIVE
වෙළඳපලේ කිරිපිටිත් හිඟවේ

වෙළඳපලේ මේ වන විට කිරි පිටි හිඟයක් පවතින බවට වෙළඳුන් මෙන්ම ජනතාව චෝදනා කරනවා.
මෙරට මාසික කිරිපිටි පාරිභෝජනය මෙටි්රක් ටොන් 6,500 ක් පමණ වන අතර, කිරිපිටි ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 360ක් පමණ වැය කරනවා.
කෙසේ වුවත් වත්මන් කොරෝනා තත්ත්වයත් සමග මෙරට ආර්ථිකය පසුබෑමකට ලක්වී ඇති මොහොතක විදෙස් සංචිත ප්රමාණය ද පහත බැස තිබීම කිරිපිටි ආනයනය කෙරෙහිද බලපෑම් එල්ල කර අවසන්.
එවන් පසුබිමක ලෝක වෙළදපළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමාණ වීම යන කරුණු මුල් කරගනිමින් මිල වැඩි කිරීමක් සිදුකරන ලෙසටයි කිරිපිටි සමාගම් රජයෙන් ඉල්ලා සිටියේ.