BREAKING NEWSEXCLUSIVE

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් : දෙදෙනෙකු ජිවිතක්ෂයට

අම්බලන්ගොඩ, දෙල්දුව ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
අදාළ හෝටලයේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකුට කිසියම් පිරිසක් එලෙස වෙඩි තබා ඇති බවයි.
වෙඩි ප්‍රහාරයට ලක් වූ එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. තුවාල ලැබූ අනෙක් තිදෙනා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙකු මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු මීට පෙර ඝාතනය කෙරුණු බෙනට් අජිත් නමැත්තාගේ ඥාතියෙකු බවයි පැවසෙන්නේ.
ඉකුත්දා අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු වසන්ත ද සොයිසා නමැත්තාගේ පර්ශවයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
මේවන විට වසන්ත සහා බෙනට් අජිත් පාර්ෂව දෙක අතර පවතින විරසකය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කර ඇති බවද වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button