GOSSIP NEWSVIRAL NEWS

අන්තර්ජාලය ඔස්සේ කුනු විකුණා මුදල් ගැරීමට ගිය ශර්මි කුමාර්ගේ විස්තරය.!

ඔව් මම ගණිකාවක්. ඩීල් කරනවා. මම ඩීල් යන්නේ දෙකයි පනහේ අයත් එක්ක නොවෙයි. මටත් කියලා ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතය විඳවන්න බැහැ. විඳින්න ඕනා. ඒ නිසයි මම ඩීල් යන්නේ.’’

‘‘මගෙත් එක්ක සෙක්ස් කරන්න ආවොත් මම උපරිම වින්දනයක් ලබාදෙනවා. එක තමයි රටේ වැදගත් පුද්ගලයොත් මාව හොයාගෙන එන්නේ. මම අනිත් අය වගේ නොවෙයි. ගන්න මුදලට උපරිම සැප දෙනවා.’’

‘‘මට දුවක් ඉන්නවා. එයාට මම හොඳ නරක උගන්වලා තියෙනවා. අවුරුදු 18 වෙනකම් එයාව මම බලා ගන්නවා. ඊට පස්සේ එයාට එයාගේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. එයාට දැන් කොල්ලෙක් ඉන්නවා. එයත් එක්ක නිදහසේ ඉන්න මම අවසරය දීලා තියෙනවා. හැබැයි මම දුවට කියලා තියෙන්නේ එයාට කියලා කන්‍යාභාවය නැති කර ගන්නවනම් ඒකට ගානක් ඉල්ල ගන්න කියලා. මොකද කන්‍යාභාවය වටින දෙයක්. ඒක බෝයි ෆ්‍රෙන්ඞ්ටවත් නිකන් දෙන්න ඕනේ නැහැ.’’

‘‘මම ගණිකාවක්. මගේ දුව කැමතිනම් මේ රැකියාව කරන්න මට ප‍්‍රශ්නයක් නැහැ. එයා ඒක කරපුදෙන්.’’

‘‘හුඟ දෙනෙක් මේ රැකියාව කරන්නේ හොර රහසේ. ලෝකයාට බයෙන්. ප‍්‍රසිද්ධ නිළියෝ ඉන්නවා පත්තිනි අම්මලා වගේ ලෝකයාට හොඳ මුහුණ පෙන්නගෙන. එත් හොරෙන් කරන්නේ ඩීල්. ඇයි අපි එහෙම වෙන්නේ. කාටවත් බය වෙන්න ඕනේ නැහැ තමන් කරන දේ ගැන. මම එහෙම කෙනෙක් නොවෙයි. මම ලෝකයාට හොරෙන් ඩීල් කරන්නේ නැහැ. මේ ෂම්මි කුමාර් ඩීල් කරන්නේ ප‍්‍රසිද්ධියේ.

අප ඉහතින් සඳහන් කළේ කිසිම හිරිකිතයකින් තොරව කාමය අවුස්සන සුලූ වීඩියෝ තම ෆේස්බුක් ගිණුම සහ විවිද යූ ටියුබ් චැනල් හරහා දමමින් ප‍්‍රසිද්ධියට පත්වූ ෂර්මි කුමාර් නමැති කාන්තාව කළ කතා කිහිපයකි. ඇය තව බොහෝ දේ පවසා තිබුණි. ඒවා කිසිසේත්ම වෙබ් අඩවියක සඳහන් කළ නොහැක. එම නිසා අපි ඒ ගැන සඳහන් නොකරන්නෙමු.

මෙලෙස රටේ නිතීය අවනිතීය බවට පත්කරගනිමින් ප‍්‍රසිද්ධියේ තමා ගණිකාවියක් යැයි කියා ගනිමින් කාමාශාවන් සහ ලිංගිකත්වය ගැන කතා කරන ෂර්මි කුමාර් යනු කවුදූ.? ෂර්මි කුමාර් යනු ඇයගේ අන්වර්ථ නාමයයි. සැබෑ නම රත්නකුමාර් ශමිලාය. ඇය හැදී වැඩුණේ වත්තල හැඳල ප‍්‍රදේශයේය. කුඩා කල සිටම ඇය කටකාර සහ අමුතු ගති පැවතුම් ඇති තැනැත්තියක් වූවාය. එලෙස හැදී වැඩුණු ෂර්මි කුමාර් අඩුපාඩුකම් රැසක් මැද්දේ තාරුණ්‍ය වෙත ළඟා වූවාය.

නිසි වයසටත් පෙර ආදර සම්බන්ධතා රැසක් පැවැත්වූ ඇය අවසානයේ තරුණයකු සමග විවාහ වූවාය. විවාහ වී ටික කලකින් ඇය මව් පදවියද ලැබුවාය. එම කැදැල්ලට එකතුවූයේ දියණියකි. දියණිය ලැබීමත් සමග හැල හැප්පීම් මැද වුවද සියල්ලෝම සතුටින් සිටියහ. කලක් එලෙස ගතවිය. අමුතු ගති පැවතුම් ඇති ඇයට කල්යත්ම විවාහ දිවිය තිත්ත විය. එහි අවසාන ප‍්‍රතිඵලය වූයේ දික්කසාදයයි.

දික්කසාදයෙන් පසු ජීවත්වීම සඳහා ඇය රූපලාවණ්‍ය ආයතනයක් පටන් ගත්තාය. එහෙත් එය සිතූ තරම් සාර්ථක නොවීය. ඇයට වුවමනා වූයේ යහමින් මුදල් ඉපැයීමටයි. ඒ සඳහා ඇය ලෙහෙසි මාර්ගයක් තෝරා ගත්තාය. ඒ ගණිකා වෘත්තියයි. ගතවූයේ ටික කලකි. ඉන් ඇය නොසිතූ ලෙස මුදල් ඉපැවූවාය.

ඇය මෙම වෘත්තියේ දිගටම යෙදීමට තීරණය කළාය. ඒ අනුව ඇය මෙය මහ පරිමාණයෙන් කිරීමට තීරණය කළාය. එලෙස කිරීමට පෙර ඇය මෙලෙස සිතන්නට ඇත.

‘‘මම දැන් ඩීල් කරන්න කියලා දන්නේ ටික දෙනෙක් විතරයිනේ. එක නිසා ලොකුවට සල්ලි හොයා ගන්න බැහැ. මුලින්ම මම ප‍්‍රසිද්ධ වෙන්න ඕනා. එතකොට හොඳ කස්ටමස්ලා ටිකක් හොයා ගන්න පුළුවන්.’’ ඉන්පසු ඇය ප‍්‍රසිද්ධ වෙන්න ක‍්‍රමයක් කල්පනා කළාය. හොඳම ක‍්‍රමය තමයි ෆේස්බුක් එක හරහා ප්‍රසිද්ධ වෙන්න පුලුවන් වීඩියෝ දාන එක. ඒ අනුව ඇය අඩ නිරුවතින් කාමය ඇවිස්සෙන සුලූ ප‍්‍රකාශ කරමින් තමන් ගණිකාවක් බවත් ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කළාය.

ශර්මි කුමාර්ගේ එම ආන්දෝලනාත්මක වීඩියෝ පට පිටවීමත් සමග සමහර මිනිස්සු පුදුමයෙන් පුදුමයට පත් වූහ. මේවා දැකලා අපේ ළමයින්ව හදා ගන්නේ කොහොමද.? ආදී නොයෙක් ප‍්‍රශ්න බහුතරයක් මිනිස්සුන්ගේ සිත් තුළ පැන නැගුණි. ඒ අතර මෙම වීඩියෝ පට දැක ආතල් ගත් පිරිසක්ද සිටියහ. ඔවුහු ශර්මි කුමාර් කවුද යන්න සොයා බැලූහ. විඞීයෝ පට බැලූ සමහරු මුදල් දී ඇය සමග යහන්ගත වූහ.

සමාජයේ නොයෙක් තරාතිරමේ මිනිස්සු ඇය සොයා පැමිණියහ. ඒ සමගම තව තවත් වැඩිහිටියන්ට පමණක් සුදුසු වීඩියෝ පට ඇය සමාජ වෙබ් අඩවිජාල ඔස්සේ මුදා හැරියාය. ඒ අතර තම බඩ ගෝස්තරය පිළිබඳව පමණක් සිතමින් ඕනෑම ජරාවක් සමාජගත කරන යූ ටියුබ් චැනල් කිහිපයක හිමිකරුවෝ ශර්මි කුමාර් සමග එකතු වූහ. එලෙස එකතු වූ යූ ටියුබ් චැනල් හිමිකරුවෝ කිසිදු හිරිකිතයකින් තොරව ශර්මි කුමාර්ගේ ලිංගික අත්දැකීම් පිළිබඳව පවා සාකච්ඡා කළහ.

ශර්මි කුමාර්ද කිසිදු හිරිකිතයකින් තොරව තමා සමග යහන්ගත වූවන් පිළිබඳව, ඔවුන් නිදි යහනේ හැසිරෙන ආකාරය, තමා ඔවුන්ව සතුටු කරන ආකාරය පිළිබඳව ආදී නොයෙක් කතා පැවසුවාය. සමහරු එම වීඩියෝ පට ප‍්‍රතික්ෂේප කළ අතර සමහරු ඒවා ආශාවෙන් යුතුව නැරඹූහ. විශේෂයෙන් තරුණ පරම්පරාව එම විඞීයෝ පටවලට දැඩි කැමැත්තක් දැක්වූහ. අඩ නිරුවතින් පැමිණ මෙවැනි කතා කියමින් ශර්මි කුමාර් එම යූ ටියුබ් චැනල්වල ද අංක ඒකේ ගණිකාවක් බවට පත්වී තිබුණි.

කලක සිට ඇය වත්තල, හැඳල ප‍්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක්ද පවත්වාගෙන ගියාය. එය රූපලාවන්‍යාගාරයක් වුවද එහි තවත් දෙයක් සිදුවිය. ඒ කාන්තාවන් ලිංගික ශ‍්‍රමිකයන් ලෙස මුදලට විකිණිමයි. ඇය එය ජයටම කරගෙන ගියාය.

කිසිදු හිරිකිතයකින්, බියකින් තොරව ශර්මි කුමාර් කරගෙන යන මේ නීති විරෝධී කි‍්‍රයාව පිළිබඳව අවශ්‍ය පියවර ගන්නැයි ආණ්ඩු මාරුවත් සමග නව රජයේ බලධාරීන්ගෙන් පොලීසියට උපදෙස් ලැබුනි.

විනය ඉහළින් අපේක්ෂා කරනා නව රජයේ බලධාරීන් පොලීසියට උපදෙස් දුන්නේ හැකි ඉක්මනින් මෙම කාන්තාව පිළිබඳව සොයා බලා ඇයව නීතියේ රැහැනට කොටු කර ගන්නා ලෙයසි.

ඒ අනුව කි‍්‍රයාත්මක වූ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු ශර්මි කුමාර් නමැති මෙම කාන්තාව පිළිබඳව සොයා බැලූහ. එහිදී ඔවුන් ශර්මි කුමාර් කරන මුදලට කාන්තාවන් විකුණන ජාවාරම ගැන සියලූ තොරතුරු සොයා ගත්තේය.

ඒ අනුව පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු උපාය දූතයන් දෙදෙනකු යොදවා ශර්මි කුමාර්ගෙන් කාන්තාවන් සිටිනවා දැයි විමසා ඇත. එවිට ඇය පවසා ඇත්තේ එවැනි කාන්තාවන් සිටින බවත් එක් කාන්තාවක් සඳහා රුපියල් 30000 ක් වුවමනා බවත්ය. ඔත්තුකරුවන් එම මුදලට කැමති වී කාන්තාවන් දෙදෙනකු අවශ්‍ය බව පවසා පැමිණෙන දිනය සහ වේලාව ඇයට පැවසුවේය.

නියමිත දිනය උදාවිය. නියමිත වෙලාවට උපායදූතයන් දෙදෙනා වත්තල හැදල ශර්මි කුමාර්ගෙ රූපලාවන්‍යාගාරය වෙත පැමිණියහ. ඇය ඉතා උණුසුම් ලෙස ඔවුන්ව පිළිගත්තාය. ඉන් පසු ඇය තරුණියන් දෙදෙනකු පෙන්වා මුදල් ලබා ගත්තාය.

ඒ සමගම සැඟව සිටි පොලිස් නිලධාරීහු ශර්මි කුමාර් සහ එම තරුණියන් දෙදෙනාව අත් අඩංගුවට ගත්හ. වැඩේ වැරදුණ බව ශර්මි කුමාර් දැන ගත්තාය. ඒ අනුව නොයෙක් දැ කියමින් ඇය සහ එම තරුණියන් දෙදෙනා බේරීමට උත්සාහ කළාය. එහෙත් පලක් නොවීය.

අවසානයේ එක් තරුණියක් එම ස්ථානයේ තිබුණ දියර වර්ගයක් පානය කර ජීවිතය නැති කර ගැනීමටද උත්සාහ කළාය. වහාම පොලිස් නිලධාරීන් එය වැළැක්විය.

කසිකබල් යූ ටියුබ් චැනල් හරහා අඩ නිරුවතින් අසභ්‍ය වචන ප‍්‍රකාශ කළ ශර්මි කුමාර් ඇතුළු පිරිසට අවසානයේ සිදු වූයේ රක්ෂිත බන්ධනාගාර ගත වීමටයි. තවද තම බඩ ගෝස්තරය ගැනම පමණක් සිතමින් මෙවැනි කාන්තාවන් යූ ටියුබ් චැනල් හරහා ප‍්‍රසිද්ධ කිරීමට උත්සාහ කරන අය දැනගත යුතු කරුණක් තිබේ. ඒ මෙවැනි සමාජයට අහිතකර වැඩ කිරීමෙන් පරිහානියට පත් වන්නේ තමන් පමණක් නොව සමස්ත පුරවැසියන් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button