ARTICLESBREAKING NEWSEXCLUSIVEPOLITICS

“2015 දී ජනතාව ගත් වැරදි තීන්දුවක් නිසා දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණදීමට සිදු වුණා” – ශෙහාන් සේමසිංහ

අද දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුව තිබෙන්නේ 2015 ජනාධිපතිවරණයේදී ජනතාව ගත් වැරදි තීන්දුව නිසා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා යළිත් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ නම් අනාගත විදුලි ඉල්ලුමට සරිලන බලාගාර ස්ථාපිත කරන බවයි රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව බලයට පත් වූ යහපාලන ආණ්ඩුව අනාගත විදුලි ඉල්ලුම පිළිබඳව සලකා බලා අවශ්‍ය විදුලි බලාගාර ස්ථාපිත කිරීමට කටයුතු නොකළ බවත්, අද ඔවුන්ම වත්මන් ආණ්ඩුවට චෝදනා කරන බවත් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ දිගින් දිගටම නව බලාගාර ස්ථාපිත කරමින් විදුලි ඉල්ලුම සපුරාලීමට කටයුතු කළ නමුත් 2015 වසරේ සිට එම වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වූ බවද ඇමතිවරයා පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button