ARTICLESBREAKING NEWSPOLITICSSOCIAL MEDIA PICKS

විජේදාසට තේරුමක්, අවබෝධයක් නෑ… ඩොලරය 195ට බැස්සේ චීන සල්ලි ආපු නිසා

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට වරාය නගරය පිළිබඳ අවබෝධයක් නැතුව අදහස් පළ කරන බවත් රාජ්‍ය අමාත්‍යංශ ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

ඔහු වැනි උගත් මන්ත්‍රීවරයෙකු මෙවන් අදහස් ප්‍රකාශ කිරීම ගැන තමන් කණගාටුවන බවද ඔහු පැවසීය.

වරාය නගරය මූල්‍ය මෙහෙයුම් නගරයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රීති පද්ධතිය සකස් කිරීමට අවශ්‍ය පදනම පාර්ලිමේන්තු පනතක් මගින් සකස් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මේ වන විට චීනය සමග මූල්‍ය පහසුකම් ලබා ගැනීමට කටයුතු කළ බවත් ඒ සමග ඩොලරය 204 සිට 195 දක්වා පහත බැස ඇතැයි ද ඔහු පැවසීය.

වරාය නගර ව්‍යාපෘතිය තුළින් සිදුවන්නේ මෙරට ආයෝජන ප්‍රමාණය වැඩි කිරීම බවද පැවසූ ඔහු එමඟින් රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගෙන බවද සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button