මලීක් සමග සාකච්ඡා සාර්ථකයි – කෝටි හතලිහක ලංසුවට ශාන්ත බණ්ඩාර එජාපයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ කෝටි හතලිහක මුදලකටය.
මෙම දේශපාලන මාරුව පිළිබඳ ගනුදෙනු සියල්ල සාකච්ඡා කර අවසන් කර ගෙන ඇති බව වාර්තා වෙයි. බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවති සාකච්ඡාවක දී මෙම අවසන් එකඟතාවයකට පැමිණ තිබේ.
එජාප පාර්ශවය වෙනුවෙන් මෙම සාකච්ඡා සඳහා සහභාගී වී ඇත්තේ මලීක් සමරවික්‍රම අමාත්‍යවරයායි.
එජාපය පාර්ශවයෙන් ශාන්ත බණ්ඩාරට මුලින් යෝජනා කර ඇත්තේ රුපියල් කෝටි 25ක් වුවද ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ඉල්ලීම වී ඇත්තේ දේශපාලන පිම්ම සදහා තමන්ට කෝටි 50ක් අවශ්‍ය බවයි.
නමුත් නැවතත් සාකච්ඡා මාර්ගයෙන් මලීක් සමරවික්‍රම අමාත්‍යවරයා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර කෝටි 40ක මුදලක් සදහා එකඟතාවකට පැමිණ ඇති අතර මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් සහ කැබිනට් ඇමැති ධුරයක්ද ලබා දීමට එකඟතාව පළ කර ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා එජාපයට යෑමට නියමිතය.
ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා 2015 ජනපතිවරණයෙන් පරාජය වී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි පුද්ගලයෙකි.
මෙම වෙබ් අඩවිය අසත්‍ය පතුරවන, කිසිදු වගකීමකින් තොර වෙබ් අඩවියකි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මැතිතුමා පිළිබඳව අසත්‍ය ප්‍රචාරය කර ඇත. ශාන්ත බණ්ඩාර මැතිතුමා කිසිවිටෙකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ වලට පිටු නොපාන මන්ත්‍රී වරයෙකි.