EXCLUSIVEGOSSIP NEWSVIRAL NEWS

ෂැංග්‍රිලා සූපවේදියෙකුට කොරෝනා, චන්දිමාල්ගේ මව නැගිනිය සමඟ, ජැක්සන්ගේ දුව මාධවීත් අත්අඩංගුවට..

ෂැංග්‍රිලා හෝටලයේ පැවැති චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ බව කියන ජැක්සන් ඇන්තනි මහතාගේ දියණිය වන මාධවී ජැක්සන් සහ ඇගේ සැමියාද අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව චන්දිමාල්ගේ මව සහ නැගණියද අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම මෙම සාදයට කෑම සකස් කළ ෂැංග්‍රිලා හෝටලයේ සූපවේදියකුටද මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

එම උපන්දින සාදය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කොටුව පොලිස් ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකසහිත තත්ත්වයක් මතුව ඇති බව අනාවරණය වේ.

ඊට හේතු ‌වී ඇත්තේ කොටුව පොලිසිය මෙම පරීක්ෂණය නියමාකාරයෙන් සිදුකරමින් ෂැංග්‍රිලා හෝටලයේ සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමට සූදානම් වීමත් සමග මෙම පරීක්ෂණ ඉන් ඉවත් කිරීමත් සමගය.එය මේ වනවිට එම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button