BREAKING NEWSCRICKETEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSSPORTS

ලොව බිහිවූ විශිෂ්ඨතම පා දඟ පන්දු යවන්නා දිවි ගමනට සමුදෙයි..!

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ඨම පා දඟ පන්දු යවන්නා වූ ශේන් වෝන් හදිසි හෘදයාබාධ තත්ත්වයක් නිසා,අභාවප්‍රාප්ත වී තිබෙනවා.

90-20′ දශක දෙක පුරා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ඇරඹි දඟ පන්දුවේ ද්වන්ධ සංග්‍රාමයේ එක් පුරුකක් ලෙස ඔහු නම් දරනු ලැබුවා. මුත්තයියා මුරලි දරන් සමඟ කරට කර යමින් ඔහු සමු ගන්නා විට ටෙස්ට් කඩුළු 708ක් දවාගෙන තිබූ අතර පසුව එම ලෝක වාර්තාව මුරලි අතින් කඩුළු 800ක් ලබා ගනිමින් බිද වැටුනා.

2007 වසරේ සමුගැනීමෙන් පසුව ඔහු ලීග් පිටිය පුරා තමන් අනසක පැතිරවූ අතර 2008 වසරේ පලමු IPL ශූරයන් වූ රාජස්තාන් රෝයල් පිළේ නායකත්වය දැරුවේද වෝන් විසින්.

එතැන් පටන් මේ දක්වා ඔහු ක්‍රිකට් විචාරකයෙකු ලෙස තම සේවය ක්‍රිකට් ක්‍රීඩාව සදහා ඇප කැපවී පුද කරනු ලැබුවා.

සිය ජීවන ගමනට සමුදෙන විට ඔහු 52 හැවිරිශි වියේ පසු වුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button