OFF ROADSOCIAL MEDIA PICKS

ලැජ්ජයි මහේෂ්.!

ඡායාරූප සඳහා මෙරට ජාතික ධජය භාවිතා කළ හැක්කේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාට පමණයි. සෙසු පුද්ගලයෙක් ඡායාරූප පසුබිම සඳහා ජාතික ධජය භාවිතා කරනවා නම් එය නීති විරෝධි ක්‍රියාවක් මෙන්ම ජාතික ධජයේ උත්තරීරත්වයට සිදු කරනා අපහාසයක් ලෙසද ව්‍යවස්ථාවේ දැක්වෙනවා.

ඒ පිළිබඳව ලියවුනු සටහනක් අද Lanka Mag – Social Media Picks තුලින්. උපුටා ගැනීම හර්ෂ සමරසේකරගේ ෆේස්බුක් ගිණුමින්.

ශ්‍රී ලංකාවේ ජාතික ධජය backdrop එකට පාවිච්චි කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාට පමණයි.

ඒ වගේම තමන්ගේ statement එකකට උඩින් ජාතික ධජය දාන්න පුළුවන් අපේ රටේ විධායක ජනාධිපතිවරයාගේ ප්‍රකාශ වලට පමණයි.

තමන්ගේ පටු දේශපාලන PR Campaign වලට, තමන්ව පුම්බා ගන්න තියෙන වුවමනාවට ශ්‍රී ලංකාවේ ජාතික සංකේත, බෞද්ධ ආගමික සංකේත, රාජ්‍ය ලාංඡනය යොදා ගන්න තරම් පහත් තත්ත්වයට වැටෙන්න එපා! ඒවා ඔබ හෝ ඔබේ පක්ෂය සතු #අලෙවිකරණ සන්නාම නොවේ!

දැන් කියන්න එපා මේ අනිත් අයත් කරලා තියෙනවානේ කියලා. ඒවා තමන්ගේ වරද සඟවා ගන්න පාර්ලිමේන්තුවේ ඉන්න මෝඩ මිනිස්සු දෙන මෝඩ උත්තර.

රට හදන්න එන්න කලින් කරුණාකර රටේ නීතිය වත් පිලිපදින්න. මේවා එයාලගේ පේජ්වල කියන්න බෑ. කිව්ව ගමන් delete.

තමන්ට විරුද්ධ සාධාරණ විවේචනයක් දරාගන්න වත් බැරි මිනිස්සු තමා ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරන්න එන්නේ.

දැනටමත් විවේචනයක් දරාගන්න බැරි ඔයාලා රට පාලනය කරන්න ගත්තොත් ඔයාලට විරුද්ධ මිනිස්සු මරලම දාවිනේ. ලැජ්ජයි මහේෂ් සේනානායක!

උපුටා ගැනීම : Harsha Uor ගේ ෆේස්බුක් පිටුවෙන්

mahesh senanayake

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button