BREAKING NEWSEXCLUSIVEOTHERSPORTS

ජාතික ඔලිම්පික් කමිටුවේ දූෂණ ඉතිරෙයි – සංචිතයට ඇතුලත් කරන්න ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා

මෙරට මළල ක්‍රීඩාව පාලනය කිරීමට පිහිටුවා තිබෙන ප්‍රධාන පරිපාලන ව්‍යූහය වන්නේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවයි.

කෙසේ වෙතත් මළල ක්‍රීඩාව නගා සිටුවනවා වෙනුවට ඔවුන් සිදු කරන්නේ මළල ක්‍රීඩාව ජීවිකාව කරගෙන මුදල් ඉපැයීම පමණක් බව දිගු කලක තිස්සේ පවතිනා චෝදනාවකි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් මෙරට මළල ක්‍රීඩාව නගාසිටුවීමට ලබා දෙන මුදල් ඔවුන් විසින් රිසිසේ පුද්ගලික සුඛ විවරණයට භාවිතා කරනවා පමණි.

ක්‍රීඩාවේ දියුණුවට හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභ සාධනය වෙනුවෙන් ලබා ගන්නා තීරණයක් නොමැත.

මෙවන් පසුබිමක මේ වනවිට මෙරට මළල ක්‍රීඩා සංචිත වලට තෝරා ගැනීමට නම් යොවුන් ක්‍රීඩිකාවන්ගෙන් මෙරට ඔලිම්පික් කමිටුව ලිංගික අල්ලස් සිටිනා බවට වාර්තා වේ. දක්ෂතා ඔස්සේ ගම් වලින් පැමිණෙන මෙම යොවුන් ක්‍රීඩිකාවන් ජාතික ඔලිම්පික් කමිටුවේ ඇතැම් සමාජිකයන්ගේ මෙවැනි හැසිරීම් නිසා මේ වනවිට ක්‍රීඩාව අත්හරින තැනට පත්ව තිබීම කණගාටුදායකය.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ඉදිරියේදි මෙරට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට පැමීණ අදහස් දැක්වීමට සුදානම් බවත් LankaMag වෙත වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button