BREAKING NEWSPOLITICS
රංජන්ගේ නිවසේ තිබී ලිංගික භාණ්ඩ, අසභ්‍ය දර්ශන හමුවේ – මන්ත්‍රීවරයා අත්අඩංගුවට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඒ අද දින පොලීසිය විසින් මාදිවෙල පිහිටි ඒ මහතාගේ නිවසේ සිදු කළ වැටලීමකින් පසුවය.
මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන අඩංගු සීඩි, සහ ලිංගික උපකරණ (Sex Toys) හමුව තිබේ. ඇතැම් ලිංගික උපකරණ පිරිමි ලිංගික අවයවයන්ට සමාන වේ. ඒවා ලඟ තබා ගැනීමට නීතියෙන් ඉඩ ඇති අතර අසභ්‍ය දර්ශන අඩංගු සීඩි ලඟ තබා ගැනීම නීතිවිරෝධි වේ.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සතුව තිබූ නීතිවිරෝධි ගිනි අවියක් හේතුවෙනි. එම ගිනි අවියට බලපත්‍ර නිකුත් කර නොමැති අතර මන්ත්‍රීවරයා විසින් 2016 වසරේ යහපාලන රජය සමයේ එම නීතිවිරෝධි ගිනි අවිය ලබා ගෙන තිබේ.