BREAKING NEWSEXCLUSIVEPOLITICS

වර්ජනයට එක් නොවන ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම්

වර්ජනයට සහභාගී නොවී මාර්ගගත ක්‍රමය ඔස්සේ උගන්වන ගුරුවරුන්ට, ගුරු වර්ජනය මෙහෙයවන පුද්ගලයන් විසින් මරණ තර්ජන කරන බවට වාර්තා වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

රජයේ ප්‍රධාන පාසල් කිහිපයක ගුරුවරුන් තමා හමුවී මේ පිළිබඳ දැනුම්දී ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එවැනි ආකාරයේ තර්ජනය කරන්නන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම දඬුවම් දෙන බව ද ඔහු සඳහන් කළා.

ගුරුවරුන් වැඩි පිරිසක් වර්ජනයට සහභාගී වන්නේ ස්ව කැමැත්තෙන් නොව වෙනත් පුද්ගලයන්ගේ බල කිරීම මත වන අතර දරුවන්ට ආදරේ කරන වැදගත් ගුරුවරුන් බහුතරයක් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වර්ජනයේ නිරත නොවන ගුරුවරුන්ට තර්ජනය කළහොත් දුරකථන අංක 118 හෝ 119 අමතා පැමිණිලි කරන ලෙස ද අමාත්‍ය සරත් වීරසේකර ඉල්ලීමක් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button