BREAKING NEWSEXCLUSIVE

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් කඩිනමින් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්විමකදී එම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව ලබන ජූලි 06 වැනිදා ශ්‍රීලංකන් ගුවන් සේවයත්, ජූලි 07 වැනිදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවත් අදාළ ආයතනයන්හි වර්තමාන තත්ත්වය සලකා බැලීම සඳහා කෝප් කමිටුව හමුවට කැඳවීමට කමිටු සමාජිකයන්ගේ එකඟතාව පළ වී ඇත.

මෙහිදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ පවතින ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම යන ආයතනවල වර්තමාන තත්ත්වයද විමර්ශනය කිරීමට නියමිතයි.

එයට අමතරව ලබන ජූලි 08 වැනිදා සිට පසුගිය කාලය තුළ කැඳවීමට නොහැකිවූ ආයතන නැවත කැඳවීමටද මෙහිදී කමිටු සාමාජිකයින් එකඟතාව පළ කර ඇති බව සඳහන් වනවා.

දැනට පාර්ලිමේන්තු විවාදයක් සඳහා යෝජිතව ඇති මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පිළිබඳව ද කෝප් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button